Sunday, May 29, 2016

ebay ගැන ඔබ නොදන්නා අපූරු කරුණු

දන්නා දෙයක් ගැන නොදන්නා යමක් ගෙන එන Fun facts ලිපි මාලාවේ 5වන ලිපිය ලෙස මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ ලෝකයේ බහුලව භාවිතා හා විශාලතම ඔන්ලයින් වෙළදපොල වන ebay පිළිබඳවයි. "ඔබට අවශ්‍ය කුමක්ද? එය ebay මගින් මිළදී ගත හැක" යන තේමාව සනාථ කරමින් කුඩා ඇල්පෙනෙත්තේ සිට විශාල ගුවන් යානාව දක්වා ඕනෑම දෙයක් පහසු මිළ ගණන් යටතේ ලබා ගත හැකි මෙම ඔන්ලයින් වෙළද සංකීර්ණය අදවන විට ලොවපුරා මිලියන 233කට අධික සංඛ්‍යාවකට සේවය සලසයි.
  [gallery columns="2" link="file" size="medium" ids="856,855"]  

#1

ebay වෙබ් අඩවිය හා එහි සංකල්පයේ නිර්මාතෘ වන්නේ ඇමරිකානු ජාතික, පරිගණක ක්‍රමලේඛන ශිල්පියෙකු වූ Pierre Omidyarයි. ebay නිර්මාණය කර ආරම්භ කරනු ලැබුවේ 1995 සැප්තැම්බර් 3 වැනිදාය.
[caption id="attachment_857" align="aligncenter" width="470"] ebay නිර්මාතෘ Pierre Omidyar[/caption]

#2

ebay ආයතනයට අනුබද්ධව 2015 වසරේ වාර්තාවලට අනුව සේවකයන් 34,600ක් සේවය කරති.

#3

ebay හි ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය පිහිටා ඇත්තේ කැලිෆෝනියා ප්‍රාන්තයේ, සැන් ජෝස් ප්‍රදේශයේ යි.

[caption id="attachment_861" align="aligncenter" width="446"]ebay ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය ebay ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය[/caption]

#4

[caption id="attachment_860" align="alignright" width="275"]ebay හරහා පළමුව අලෙවි වූ ලේසර් පොයින්ටරය ebay හරහා පළමුව අලෙවි වූ ලේසර් පොයින්ටරය[/caption]
Ebay හරහා ප්‍රථමයෙන්ම අලෙවි වූ ද්‍රව්‍ය වූයේ, 1995 සැප්තැම්බරයේ අලෙවි කල කැඩුණු ලේසර් පොයින්ටරයකි. එය මිළදී ගෙන ඇත්තේ කැඩුණු ලේසර් පොයින්ටර් එකතු කරන්නෙකු විසිනි. ඒ ඇමරිකානු ඩොලර් 14.83කටය.

#5

Ebay හරහා අලෙවි වී ඇති මිළ අධිකම භාණ්ඩය ලෙස වාර්ථා වී ඇත්තේ ගල්ෆ් ස්ට්‍රීම් ජෙට් යානයකි (Gulf Stream jet). ඒ ඇමරිකානු ඩොලර් මිලියන 4.9කටය. [caption id="attachment_859" align="aligncenter" width="470"]ගල්ෆ් ස්ටීම් ජෙට් යානයක් ගල්ෆ් ස්ටීම් ජෙට් යානයක්[/caption]

#6

සෑම තත්පර දෙකකට වරක්  Ebay ඇප් එක මගින් යම් භාණ්ඩයක් විකිණේ.

#7

Ebayහි ලියාපදිංචි වී ඇති පරිශීලකයන් ගණන මිලියන 233කට අධික වේ.

#8

Ebay UK 1999 පිහිටවූ අතර එහි ලියාපදිංචි වී ඇති පරිශීලකයන් ගණන මිලියන 26කි.

#9

Ebay UK හි ලියාපදිංචි වී ඇති ව්‍යාපාර සංඛ්‍යාව 180,000කට අධිකය.

#10

සෑම මිනිත්තු දෙකකට වරක් Ebay හරහා මෝටර් රථයක් විකිණෙන අතර සෑම තත්පර 9කට වරක් සංයුක්ත තැටියක් අලෙවි වේ. එසේ Ebay හරහා අලෙවි වන ජනප්‍රියම භාණ්ඩ ලැයිස්තුවක් පහත දැක්වේ.
[caption id="attachment_862" align="aligncenter" width="470"]ජනප්‍රිය භාණ්ඩ ජනප්‍රිය භාණ්ඩ[/caption]
(අන්තර්ජාළය ඇසුරිණි)
පසුගිය ලිපි
තවත් මෙවැනි දන්නා දෙයක් ගැන නොදන්නා අපූරු කරුණු, Fun facts කැටගරිය යටතේ ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වන්නෙමු. ඔබගේ අදහස් පහතින් comment කරන්න. අපගේ ෆේස්බුක් පිටුවද ලයික් කරන්න.